කෘෂිකර්ම ව්‍යාප්ති ක්‍රියාවලියේදී ව්‍යාප්ති කාරකයෙකු විසින් ගොවි ජනතාව වෙත නව තාක්ෂණික දැණුම රැගෙන යාමට විවිධ සන්නිවේදන ආකාරයන් උපයෝගී කරගනී. මෙහිදී ගොවිපලට පැමිණ ගොවි මහතුන් පෞද්ගලිකව හමුවීම, ක්ෂේත්‍ර නිරීක්ෂණ, කුඩා කණ්ඩායම් සඳහා පවත්වන පුහුණු පන්ති ක්ෂේත්‍ර ආදර්ශණ ආදිය මඟින් නව තාක්ෂණික දැනුම ඵලදායී ලෙස ලබාදීමට ව්යාප්තිකාරකයින්ට හැකියාවක් ලැබේ. කෙසේ වුවත් අලුත් දැනුම වැඩි ජන පිරිසකට එකවර සන්නිවේදනය කිරීමේදී පුවත් පත්, රූපවාහිණී හා ගුවන් විදුලි වැනි ජනසන්නිවේදන මාධ්‍යන්ගේ දායකත්වය කාර්යක්ෂම මෙහෙවරක් ඉටුකරනු ලබයි
ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් ලෙස පසුගිය දශක තුනක පමණ කාලයක් මුළුල්ලේ ඉතා පුළුල්ව ක්‍රියාත්මක වූ රූපවාහිණී මාධ්‍යද අතික්‍රමණය කරමින් ක්‍රියාත්මක වන සයිබර් අවකාශය ඔස්සේ කෙරෙන අන්තර්ජාල සන්නිවේදන ක්‍රම බොහොමයක් බිහිවී ඇතත්, ගුවන් විදුලිය තවමත් අපේ රටේ ජනයා අතර හෘහයාදගම ශ්‍රව්‍ය මාධ්‍යක් ලෙස ජනසන්නිවේදන මාධ්‍යන් අතර සක්‍රීයව පවතී. අපේ රටේ කෘෂිකර්ම සන්නිවේදන ක්රියාවලීයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් ගුවන් විදුලි සන්නිවේදන භාරව සිටින්නේ ගුවන් විදුලි ගොවි සේවාවයි. ගුවන් විදුලි ගොවි සේවාව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථාන යටතේ ක්‍රියාත්මක වෙයි
1920 වර්ෂයේ සිටම ගුවන් විදුලිය ඔස්සේ විවිධ කෘෂිකර්මික පණිවුඩ ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව ඉතිහාසයේ වාර්තාවේ.1920 දශකයේ අග භාගයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්රවෘත්ති අංශය කොළඹ යුනියන් පෙදෙසේ ආරම්භ වීමත් සමඟ ගුවන් විදුලි වැඩසටහන් මෙහෙය වීමට වෙනම කෘෂිකර්ම නිළධාරීන් පිරිසක් යොදවා ඇත.1960 දශකයෙන් පසු තරුණ ගොවි සමාජ ගුවන් විදුලි පැන තරඟ ඔස්සේ කෘෂිකර්මික ගුවන් විදුලි වැඩසටහන් සඳහා වැඩි ආකර්ෂණයක් අපේ ජනතාව තුළ ඇති වූ අතර, 1980 දශකය ආරම්භයේදී ගුවන් විදුලි ගොවි සේවාව නමින් නාරාහේන්පිට,කිරිමණ්ඩල මාවතේ ගුවන් විදුලි ගොවි සේවා ප්‍රධාන ඒකකය පිහිටවූයේ කෘෂිකර්මික ගුවන් විදුලි වැඩසටහන් සඳහා වැදගත් ඉදිරි පියවරක් තබමිණි.
මේ වන විට කෘෂිකර්ම අමාත්යන්ශය මඟින් ක්‍රියාත්මක කරන තුන් අවුරුදු ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන මඟින් ඉලක්කකොටඇති කෘෂිකර්ම සංවර්ධන ඉලක්ක ජය ගැනීම සදහා පරිසර හිතකාම් තාක්ෂණික පිළිවෙත් අනුගමනය කිරීමත් ඒ පිළිවෙත් ඔස්සේ කෘෂිකාර්මික කටයුතු වල නිරත ගොවිජන තාවගේ ජීවන තත්වය ඉහළ නංවාලීමටත් අදාල කෘෂිකාර්මික සන්නිවේදනයක නිරතවීම ගුවන් විදුලි ගොවි සේවාවේ අරමුණයි. මේ සඳහා ගොවිජනතාවට සමීප හෘදයාංගම මාධ්‍ය මෙහෙවරක යෙදීමේ විශිෂිඨතම විද්‍යුත් මාධ්‍යක් වීමට ගුවන් විදුලි ගොවි සේවාව වෙරදරමින් සිටි. මෙම සේවාවේදී තොරතුරු තාක්ෂණයේ වන ප්රවනතා සමඟ සම්බන්ධ වෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිතොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ සහසුකම් උපයෝගී කර ගනිමින් ගුවන් විදුලි ගොවි සේවාව නවමු ගමනක් අරඹා ඇත. එහිලා සිදු කරන ප්‍රමුඛතම කාර්යයන් ලෙස කාෂිකර්මය සඳහාම වෙන්වූ ගුවන් විදුලි නාලිකාවක් ඇරඹීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යංශය හා එක්ව මේ වන විට කටයුතු සංවිධානය කරමින් සිටි.
ගුවන් විදුලි ගොවි සේවාව කොළඹ ප්‍රධාන ඒකකය, රුහුණු,රජරට හා කඳුරට ප්‍රාදේශීය ගුවන් විදුලි ගොවි සේවා ඒකක තුනකින් සමන්විතවේ. මෙම ඒකකය මගින් ප්‍රචාරය වන වැඩසටහන් සජීවී හා සංස්කරණය කල සඟරාමය වැඩසටහන් ලෙස ප්‍රධාන ආකාර දෙකකින් ප්‍රචාරය කෙරේ. කොළඹ ගුවන් විදුලි ගොවි සේවාව ජාතික ගුවන් විදුලියේ සිංහල ස්වදේශීය සේවය ඔස්සේ සතියකට සිංහල මාධ්‍ය වැඩසටහන් අටක් ඉදිරිපත් කරයි. සඳුදා දිනයේදී සජීවීව විකාශය කෙරෙන ගොවි තැනට පැයක් ගුවන් විදුලි වැඩසටහන අසන්නන්ගේ කෘෂිකර්මික ගැටළුවලට එසැනින් පිළිතුරු ලබාදෙන ජනප්‍රිය වැඩසටහනකි. බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ විකාශනය වන “ගොවිජන මඬල” සජීවී වැඩසටහන කාලීන වැදගත්නමකින් යුතුත් කෘෂිකර්මික ප්රවනතා සංවාදයට ලක් කරයි. සෙසු සඟරාමය වැඩසටහන් වල අන්තර්ගතය එකිනෙකට වෙනස් වන අතර මෙම වැඩසටහන් වෙනස් අරමුණු ඔස්සේ තොරතුරු ඉදිරිපත් කරයි. ව්‍යාපාරික කෘෂිකර්මය ගොවි කාන්තා ක්‍රියාකාරකම් නාගරිග ගෙවතු සංවර්ධනය ගොවි පවුල හා බැදුණු සමාජ ආර්ථික පුවත් ඒ අතර වේ. කොළඹ ගුවන් විදුලි ඒකකයේ දම්ළ වැඩසටහන් තුනෙන් වැඩසටහන් දෙකක් දමිළ ස්වදේශීය සේවය ඔස්සේත්, තවත් වැඩසටහනක් තෙන්දුල්ම දමිළ සේවය ඔස්සේත් ප්‍රචාරය වේ.
රුහුණු ගුවන් විදුලි ගොවි සේවා ඒකකය සතියක් තුල ඉදිරිපත් කරන වැඩසටහන් ගණන අටකි. ඉන් නාට්යානු සාරයෙන් විකාශනය වන වැඩසටහන් වන්නේ “කදමල්ල” හා “ගඟබඩ පත්තුවේ කරලිය” යි. “රුහුණු ගෙවත්ත” කෘෂිකර්මික සජීවී වැඩසටහනකි. “අස්වැද්දුම” වැඩසටහන් තුලින් විනාඩි 5 බැගින් වූ කෙට් පණිවිඩ තුනක් සතියකදී ඉදිරිපත් කරයි. රුහුණු ඒකකයේ කාලීන කෘෂිපුවත් ප්‍රකාශය “සන්නසයි”. මේය තිරසාර පරිසර හිතකාම් වගාපිළිවෙත් සඳහා වෙන් වෙයි. ජාතික ගුවන් විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේත් රුහුණු ප්‍රාදේශීය ගුවන් විදුලිය ඔස්සේත් මෙම වැඩසටහන් ප්‍රචාරය කෙරේ.
ගුවන් විදුලි ගොවි සේවාවේ රජරට ඒකකයේ ජාතික ගුවන් විදුලියේ රජරට සේවය ඔස්සේ ප්‍රදාරය කෙරෙන සජීවී සාකච්ඡිව “රජරටයි – ගොවිබිම” යි වේ. ඒ ඔස්සේ පටිගත කල සාකචිජාමය වැඩසටහන රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ විකාශනය වේ. එය “තුනැත්ත” යි. රජරට ඒකකවය් ජනප්‍රිය නාට්‍යමය කෘෂිකර්මික වැඩසටහන “රංකෙත අද්දර”යි. “සරුකෙත” සඟරාමය වැඩසටහන සරු වන්නේ සාර්ථක ගොවි අත්දැකීම් වලිනි.
කඳුරට ඒකකය සිය කෘෂිකාර්මික වැඩසටහන් වලින් ජාතික ගුවන් විදුලියේ කඳුරට සේවා ශ්‍රවණ කලාපයේ මෙන්ම වයඹ හඬ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා ශ්‍රවණ කලාපයේද ශ්රාවකයින් අමතයි. වයඹ ගෙවත්ත සජීවී සාකච්ඡාව හා “බොරදියමංකඩ” සඟරාමය වැඩසටහන වයඹ හඬ ඔස්සේ ප්‍රචාරයවෙයි. සෑම සිකුරාදා දිනකම ගොවි ගැටළු වලට සජිවීව පිළිතුරු සපයමින් කාලීන කෘෂි තොරතුරු ඉදිරිපත් කරන “අස්වැන්න” කඳුරට සේවයේ ප්‍රචාරය වේ. “කෘෂි චාරිකා” ගවේශණාත්මක කෘෂිකර්මිත වැඩසටහන කොළඹ ස්වදේශීය සේවය හා කඳුරට සේවය ඔස්සේ ප්‍රචාරය කරනු ලබයි.
කඳුරට ශ්‍රවණ කලාපයේ දමිළ ගොවි ජනතාව වෙනුවෙන් කඳුරට ගුවන් විදුලි ගොවි සේවා ඒකකය ඉදිරිපත් කරන වැඩසටහන් දෙකකි. “කුරිංචි මලර්හල්” හා “මුහඬුගල්” වෙයි.